කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දීය වෛද්‍යවරු 382 ක් මේ වන විට මියගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය සඳහන් කරයි.
කොවිඩ් ආසාදනය වී මියගිය ළාබාලතම ඉන්දීය වෛද්‍යවරයාගේ වයස අවුරුදු 27 ක් වන අතර වයස්ගතම වෛද්‍යවරයා 85 වන වියේ පසුවූ බව එරට මාධ්‍ය වාර්තා වල දැක්වේ.
ඊයේ දිනයේ දී ද ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ නව ආසාදිතයින් 97,859 ක් සමගින්.
ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 5,118,253 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් නිසා මිය ගිය ගණන 83,230ක් බව විදෙස් වාර්තා පවසයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්