ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරේ නිරෝධායනය වෙමින් සිටි කොවිඞ්
19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු එම කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ තරුණයා මසුන් ඇල්ලීමේ මුවාවෙන් ධීවර යාත්‍රා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට පැමිණ ඇති බැවින් ඔහු මේ වන විට කුමන ස්ථානයක රැදී සිටින්නේ දැයි නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.
ලොව කොරෝනා බහුල රටවල් අතර ඉන්දියාව මේ වන විට පසුවන්නේ තුන්වන ස්ථානයේයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්