නව ආසාදිතයන් 866 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 7 000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මෙරට දී වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුයේ ද ඊයේ දිනයේදී.
ඉන් 865 දෙනෙකුම දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුර ට අයත්.
ආසාදිතයන් අතුරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව හඳුනාගත් අයයි.
බේරුවල ධීවර වරායෙන් 20 දෙනෙකුද, ගාල්ල ධීවර වරායෙන් 05 දෙනෙකුද ඊයේ තහවුරු කරගත් ආසාදිතයන් අතර වනවා.
එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටින 48 දෙනෙකු සහ ආසාදිතයන්ගෙන් ආශ්‍රිතයන් 257 දෙනෙකුද ඊයේ හඳුනා ගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ වාර්තා වුණා.
ඒ අනුව, මිනුවන්ගොඩ දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් -19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව 3682 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7 153ක්.
ඉන් 3495 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර 3 644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති