පූර්ව කොන්දේසි සහිතව සාකච්ඡා කිරීමට තමන් කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බව යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අවධාරණය කරනවා.
ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටීමේ යෝජනාවට එකග නමුත් ඒ සඳහා ජනමත විචාරණයක අනුමැතිය ලැබිය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
නිදහස් රුසියානු මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
යුක්රේන – රුසියා මීලග සාකච්ඡා වටය මෙම සතියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිතයි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්