කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමිවී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්. ඒ අනූව, සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වන පරිදි එම කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් චක්‍රලේඛයක් මගින් මේ බව විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා තිබිණ.
රැකියා ගිවිසුම් කාලය අවසන්ව මෙරටට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට දැනට සිටින රටේ වෙනත් රැකියාවක් සිදු කිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ පහසුකම් මෙමගින් සැලසෙනු ඇති. මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු අදාළ ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය මගින් ලබා ගත හැකියි.
අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තුවන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමු කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඉහත පහසුකම් ලබා ගත හැකියි. මෙරට විදේශ රැකියා නියෝජිතයින් හරහා අදාළ රටේ රැකියා නියෝජිතයා වෙත අදාළ ලියවිලි ලබාදීමට අවශ්‍ය පහසුකම් මෙරට රැකියා නියෝජිතයාට ද මෙමගින් ලැබෙනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති