නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සාර්ථකව මැඬ පැවැත්වූ බවට පිළිගත් නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ දේශසීමාවලට හමුදා යෙදවීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් පියවර ගෙන තිබෙනවා.
මේ අනුව නව කොරෝනා වයිරසය නැවත වරක් රට තුළ ව්‍යාප්ත වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අධීක්ෂණ කටයුතු සඳාහත් ගුවන් තොටුපොළ සහ වරාය ඇතුළු රටට ඇතුළුවන ස්ථානවලට හමුදා යෙදවීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.
නවසීලන්තයෙන් මෙලෙස නව කොරෝනා ආසාදිතයන් හමුවූයේ දින 24කට පසුවිය. එලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුටය.
‘‘අපි දැඩි පියවර ගන්න ඕනෑ. කිසිම බුරුලක් දෙන්න බැහැ. ඒ වගේම අපට විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා හමුදාවේ වගේ විනයක් අපිට ඕනෑ. ඒ නිසා අපි හමුදාව යොදවනවා’’ යැයි අග්‍රාමාත්‍යවරිය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබුනා.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්