කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
වෛරසය ආසාදනය වී මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයිශ්වර්යා සහ ඇයගේ දියණිය වන ආරධ්‍යා බච්චන් ඊයේ(27) රෝහලෙන් පිටව ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් තවදුරටත් රෝහල්ගතව සිටින බව වාර්තා වේ.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට