කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ සහ සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. ඒ, චීන සමාගම් විසින් කෘත්‍රිම බුද්ධි පුහුණුව සඳහා ඇමරිකාව පනවන සීමා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සහ පාලනය සමස්ත මානව වර්ගයාගේ ඉරණමට සම්බන්ධ බවත්, මෙහිදී අවශ්‍ය වන්නේ සම්බන්ධතා විසන්ධි කිරීම හෝ බිඳ දැමීම වෙනුවට සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් බවත් Wang Wenbin මහතා පැවසීය. විද්‍යාත්මක හා තාක්ෂණික සංවර්ධනයේ නීති කඩ නොකරන ලෙසත්, වෙළඳපොළ ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මවලට ගරු කරමින් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ සහ සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා වඩාත් හිතකර කොන්දේසි නිර්මාණය කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියාසිටියේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්