ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ අපනයන පාලන නව පියවරයන්ට චීනය දැඩි විරුද්ධත්වය පළ කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(14) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකාව ආර්ථික, වෙළඳ සහ විද්‍යා හා තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කර ආයුධ සන්නද්ධ කරමින්, අපනයන පාලනයන් අනිසි ලෙස භාවිත කොට චීනය ද්වේෂසහගත ලෙස මර්දනය කර ඇතැයි Guo Jiakun මහතා එහිදී පෙන්වා දුන්නේය. ඇමරිකාවේ මෙම ක්‍රියාව වෙළඳපොලේ රෙගුලාසි හා ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නියමයන්ට මෙන්ම චීන-ඇමරිකා දෙරටේ හා අනෙකුත් රටවල කර්මාන්ත හා වාණිජ ප්‍රජාවේ අයිතිවාසිකම්වලටත් බරපතල ලෙස හානි කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙයට දැඩි ලෙස විරුද්ධ වන අතර චීන සමාගම්වල යුක්ති සහගත හා නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි පියවර ගනු ඇති බව ද Guo Jiakun මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ