ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (6) නියෝග කළේය .
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි. ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.
පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (5) දින අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මියගිය පාපැදිකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබා දීමට සැකකාර ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී එකඟ විය.
එයින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අද (6) දින ලබා දීමට ද කටයුතු කෙරිණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්