ක‍්‍රිි‍්‍රකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පානදුර මූලික රෝහලේදී සිදු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අද උදෑසන 5 ට පමණ පරණ ගාලූපාර හොරෙයිතුඩුව ප‍්‍රදේශයේදී සිදු වූ එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 64 හැවිරිදි පානදුර උතුර ගොරකපොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම පුද්ගලයා, මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය රථයෙන් බැස, අදාළ පුද්ගලයා නිරීක්ෂණය කර යළි සිය රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් පැයකට පමණ පසු එම ස්ථානයට නැවත පැමිණ ඇති බව ද වාර්තා වනවා.
ප‍්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව අනතුරට ලක්වූ පුද්ගලයා 1990 ගිලන් රථ සේවය ඔස්සේ පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ මැදිහත් වීමෙන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති