කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.
අධිකරණ නියෝග හා නිරෝධායන නීතිය කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්න සහ ඒම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ඊයේ දිනයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.
මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය අසල හෝ අවට ප්‍රදේශයේ අද (09) දිනයේ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබුණා. එය කඩකරමින් හා නිරෝධායන නීතියට පිටුපාමීන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකා තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ දැරුවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති