අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කුමාර් ධර්මසේන මහතා මෙවර ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 20/20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුල්ලට නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ල මේ වනවිට නිවේදනය කර තිබේ.
හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු මඩුල්ලට ඇතුළත් කුමාර් ධර්මසේන මහතා ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ලට රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ද ඇතුළත්ව සිටී.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග තීරක මඩුල්ලට ඇතුළත් කර තිබෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රවීණ තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7ක තරග තීරකවරයෙක් ලෙස කටයුතු කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක මඩුල්ලට ග්‍රෙහැම් ලැබ්රෝයි සහ වෙන්ඩෙල් ලැබ්රෝයි සොහොයුරන් මෙන්ම මනෝජ් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති