හොංකොං පොලිසිය විසින් ස්වාධීන මාධ්‍යවේදීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජ්‍ය විරෝධී ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමට, කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව සම්බන්ධයෙන්
එරට ස්වාධීන වෙබ් අඩවියක් වන ස්ටෑන්ඩ් නිවුස් ආයතනයේ වත්මන් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අත්අඩංගුවට පත් වූවන් අතරට අයත්.
මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසක් යොදවා ඇති අතර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
ස්ටෑන්ඩ් නිවුස් හි වත්මන් සහ හිටපු ප්‍රධාන කර්තෘවරුන් ද අත්අඩංගුවට ගත් පිරිසෙහි වන අතර, හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා එරට ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණ ලෙස හදුන්වන වන පොප් ගායිකාවක් වන ඩෙනිස් හෝ ද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
මෙම චෝදනාවට තමා අත්අඩංගුවට ගෙන බස්නාහිර දිස්ත්‍රික් පොලිස් ස්ථානයට රැගෙන ගිය බව ඇය ෆෙස්බුක් සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්