හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොහුවල පොලිස් වසමේ රෝහල පාර, කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේදී වැටලීම සිදුකර තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 64ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බව සදහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කුඩු රැජින ලෙස ප්‍රසිද්ධ ඇය ‘පූසි‘ නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බව අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති