ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම් මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර මහතා ජනාධිපති වරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය බාර දෙන බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද ඔහු පැවසුවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති