උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබේ.
රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බව කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේය.
කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙන අතර බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇත.
ඒ අනුව රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති