කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් එසැණ වෙත සඳහන් කළේ, කිරිපිටි මිල ඉහළ දැමීම, තේ කොළ මිල ඉහළ යාම ආදී කරුණු මත මෙම තීරණය ගත් බවයි.
කිරි පිට මිල අඩු වුවහොත් පමණක් කිරිතේ මිල අඩු කරන බවත් එසේ නොමැති වුවහොත් වසරක් යන තුරු මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති