තිස්සමහාරාම – කිරින්ද ප්‍රදේශයේ අවහන්හලක් තුළ මුහුණු පොත යොදාගනිමින් සංවිධානය කර තිබු සාදයක් වටලා තරුණියන් 06 දෙනෙකු හා තරුණයින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය ද සමග කිරින්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබු බවයි.
කිරින්ද පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (18) සවස මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් තරුණයින් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තරුණියන් කොළඹ පදිංචිකාරිනියන් බව පොලීසිය පවසා ඇත.
සැකකරුවන් අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්