කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩල නිලධාරීන් 23දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ පසුගිය 30 වැනිදා සිදුකරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් හදුනාගත් බවයි.
එම කාර්ය මණ්ඩලයේ තවත් 52දෙනෙකු අද දින රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.
මෙම තත්ත්වයත් සමග කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 1 සහ ශාලා අංක 2 වල ඊයේ දින කැඳවීමට නියමිත සියලුම නඩු ලබන මස දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට