පොහොර හිඟය නිසා ගොවීන් මුහුණ දී සිටින තත්වය පිළිබඳ තමන් ඉතාමත්ම කණගාටු වන බවත් පොහොර ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් ඒ ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
“ඇත්තටම ගොවි ජනතාවගේ මේ ඇතිවෙලා තියෙන තත්වය පිළිබඳව අපි කණගාටුවෙනවා. මම නම් ඇත්තටම ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක කෙනෙක් විදියට මේ පොහොර හිඟයට මුහුණ දෙන ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මොකද අපිට ඇත්තටම මේ කන්නයේ යම් පිරිසකට ඒ කටයුත්ත කරන්න බැරිවෙලා තියෙනවා.
ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවේ මූලික අරමුණක් තිබුණා එළඹෙන මාස් කන්නයේ ඉඳලා මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන් කියන අදහසින් තමයි එතුමා ඒ නතර කිරීම කළේ. ඒ අනුව ඒ වෙලාවෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය අපට දැනුම් දුන්නේ යල් කන්නයට ඇතිවෙන්න පොහොර තියෙනවා කියලා. නමුත් අවාසනවාට ඒක යම් ප්‍රදේශයකට දෙන්න බැරිවුණා. ඒකට ඉතාමත්ම අපි කණගාටුවෙනවා.
කැබිනට් මණ්ඩලයේ තුන්වතාවක් අපි මේ පිළිබඳව කතා කළා. තාමත් අපට විසඳුමක් ලබාදෙන්න බැරිවෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒ පිළිබඳව නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) අම්බලන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
- Lanka News Web
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති