මුලතිව් වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් අතුරුදන්ව සිටි පියාගේ සහ දියණියගේ මළ සිරුරු ඊයේ රාත්‍රීයේ සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 3 හැවිරිදි දියණියයි.
අනතුරින් කැබ් රථයේ ගමන් ගත් 13 හැවිරිදි පිරිමි ළමයෙකු ද මරණයට පත්වූ අතර තවත් 13 හැවිරිදි ළමයෙකු බේරා ගැනුනා.
ඔහු මල්ලාවි රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කැබ් රථය වැවට පෙරලීමෙන් පසු යුද හමුදාව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ක්‍රියාත්ම කළ මෙහෙයුමකින් අනතුරුවයි පියාගේ සහ දියණියගේ සිරුරු සොයා ගැනුනේ.
මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්