කැනඩා යුද නෞකාව චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද සේනාංකය ප්‍රතිචාර දක්වයි.
කැනඩා ආරක්ෂක යුද නෞකාවක් ඊයේ (16) චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කැනඩාව ඊට පුළුල් ප්‍රචාරයක් ද දී තිබිණ. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද සේනාංකයේ ප්‍රකාශක Li Xi මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, චීන නාවික හා ගුවන් යුද හමුදා යොමු කරමින් කැනඩාව සිදු කළ සමස්ත මෙහෙයුම නිරීක්ෂණය කළ අතර ඊට අදාළ නිසි පියවර ගැනීමට ද කටයුතු කළ බවයි. කැනඩාව මීට අදාළව සිදු කළ ප්‍රකාශය නීත්‍යනුකූල නොවන අතර මහජනතාව ද ව්‍යාකූල කරයි. අදාළ මෙහෙයුම ප්‍රාදේශීය තත්ත්වයට අයුතු බලපෑමක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමට උත්සාහ දැරීමක් බවද හෙතෙම පැවසීය.
නැගෙනහිර යුද සේනාංකය සෑමවිටම ඉහළ ආරක්ෂක තත්ත්වයක් පවත්වාගෙන යයි. මෙවැනි සියලු තර්ජන සහ ප්‍රකෝප කිරීම්වලට දැඩි විරෝධය පළ කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්