කාරක සභා හතරකට නව සාමාජිකයන් පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජික ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද නම් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා නම් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නම් කරනු ලැබ සිටී .
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(3) හි විධිවිධාන ප්‍රකාරව, 2021 අගෝස්තු 05 දින රැස්වූ තේරීම් කාරක සභාව මෙම නම්කිරීම් සිදු කළ බවද කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති