රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවා ඒ වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට ගෙනඇති තීරණය කිසිසේත්ම ආපසු නොහරවන්නැයි ගොවි සංවිධාන නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. වස විසෙන් තොර ආහාර වේලක් රටේ ජනතාවට ලබාදීම ගොවි ජනතාවගේද අපේක්ෂාව වී ඇති බව පෙන්වා දී ඇති ගොවි නියෝජිතයන් පවසා තිබෙන්නේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය සම්බන්ධයෙන් සමස්ත ගොවි ජනතාවගේම ප්‍රණාමය හිමිවන බවයි.
අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් මේ බව පැවසූහ. ගොවීන් ලක්ෂ 11 ක්, ගොවි සංවිධාන 17,000 ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563 කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.


More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති