කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන විටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබානොදීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලබන මහ කන්නයේ කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති