ලබන වසර අවසාන වන විට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කයන්හි ප්‍රගතිය අදාල රාජ්‍යයන් විසින් ඉදිරිපත් කළ යුතු බව COP26 ග්ලාස්ගෝව් දේශගුණ සමුළුව ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ශුද්ධ ශුන්‍යයට ළඟාවීම සඳහා දිගුකාලීන උපාය මාර්ග ඉදිරිපත් කළ යුතු බවයි ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්රකාශණයක දැක්වෙන්නේ.
විචාරකයන් පෙන්වා දෙන්නේ එම ගිවිසුම් කෙටුම්පත මගින් ප්‍රමාණවත් තරම් ඉලක්කය කෙරෙහි අවධානය යොමුව නොමැති බවයි.
කෙසේ වෙතත් COP26 දේශගුණ සමුළුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම ලේඛනය පිළිබඳ සමුළුවට සහභාගී වන රටවල් විසින් සාකච්ඡා කර එකඟත්වයට පැමිණිය යුතු බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්