මවක් සහ දියණියක් එක්ව සිය මවගේ සැමියාගේ දෙවැනි බිරිඳ පහර දී මරා දමා ඇතැයි හැටන් දිඹුල පතන පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවකි.
සැකකාර මව සහ දියණියගේ පහර දීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති 42 හැවිරිදි කාන්තාව කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් බව සඳහන් කර සිටියි.
අද (19) උදැසන 11.30 ට පමණ ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් මව සහ දියණිය එක්ව මුගරකින් පහර දී විශ්වනාදන් අම්මා නැමති කාන්තාව ඝාතනය කර දිඹුල පතන පොලිසිය සඳහන් කරයි.
සැකකාරිනියන් දෙදෙනා පහර දී ඝාතනය කර ඇත්තේ සැකකාර මවගේ සැමියාගේ දෙවෙනි බිරිඳ බවද පොලීසිය පැවසීය.
ජිවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය පරික්ෂණ පවත්වයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති