ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හිටපු ක්‍රිකට් නායකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු නිලධාරීන් සමඟ විශේෂ රැස්වීමක් හෙට 19 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මීට පෙර ශ්‍රී ලංකාවේ නායකත්වය දැරූ හිටපු නායකයින්ට සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට මෙම රැස්වීමට ආරාධනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරි නිව්ස්වෙයාර් වෙත පැවසීය. ක්‍රිකට් නිලධාරීන් සහ වත්මන් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න ආරාධනා කළ අය අතර වේ.
මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මුලාශ්‍ර newswire
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට