වැලිකඩ බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන කළු තුෂාරගේ වැල්ලම්පිටියේ ගෝලයා ගොතටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 58 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
29 හැවිරිදි ‘අසංක’ හෙවත් ‘චතුරංග’ ලෙස පෙනී සිටින මොහු මිනීමැරුම් චෝදනා මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙක් වෙයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කර ඔහුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගන්නා බව ගොතටුව පොලිසිය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති