කුඩා දරුවන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන් යන අයට එරෙහිව විමර්ශනයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබෙනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර නීතියට අනුව කරුණා අම්මාන් යන අය බරපතල අපරාධයක් සිදුකර ඇති බවයි.
සමූහ වශයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බැහැර කර නොහැකි බවදඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එල් ටී ටී ඊ සංවිධානයේ නායකයෙකු ලෙස සහ ශ්‍රී ලංකා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කෙරෙහි අවදියෙන් යුතුව සිටින බවද එම පණිවුඩයේ දැක්වුණා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්