ජනාධිපතිවරයා මීට සුලු මොහොතකට පෙර තමන්ට දුරතනයෙන් කතා කරමින් කලින් සැලසුම් කළ පරිදිම තමන් අද(13) ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ කතානායකවරයා වෙත ලැබෙන්නට සලස්වන බවද ප්‍රකාශ කළ බව කතානායකවරයා දැනුම් දුන්නේය.
පසුව පාර්ලිමේන්තුව තුළ සැලසුම් කළ වැඩපිළිවෙල මේ මස 20 වැනි දින නව ජනාධිපතිවරයකු පත් කර ගත් පසු අවසන් වන බැවින් එතෙක් ජනතාවට සාමදානව සිටින ලෙසත් කතානායකවරයා ඉල්ලීමක් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති