ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් වන කත්රිනා කායිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ මංගලෝත්සවය, පෙරේදා (8) සවස, රාජස්තානයේ සවායි මද්හෝපූර් සික්ස් සෙන්සස් නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.
නළු නිළි යුවළගේ පවුලේ සාමාජිකයන්ට අමතරව, මංගල උත්සවයට ඇරැයුම් ලැබී තිබුණේ බොලිවුඩයේ කිහිප දෙනකුට පමණි. නේහා ඩෘපියා, ඇගේ සැමියා අන්ගාද් බේදී, මිනී මතූර් සහ ඇගේ සැමියා කබීර් කාන්, මලවිකා මොහාන්න, ෂර්වාරි වාග් එසේ බොලිවුඩය නියෝජනය කරමින් මංගලෝත්සවයට සහභාගී වූවෝ වෙති.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත බොහොමයක්, නව යුවළට සුබ පැතුවේ, සමාජ මාධ්‍ය හරහා මංගල උත්සවයේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වෙද්දීය.
‘අප අලුත් ගමනකට මුල පුරනවා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ ආදරය සහ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා’ යැයි කත්රිනා ඇගේ ඉන්ටග්රෑම් ගිණුමේ මංගල ඡායාරූප පළ කරමින් පවසා තිබේ.
1983 වසරේ ජූලි 16 වැනිදා, උපන් කත්රිනා බ්‍රිතාන්‍ය ඉන්දීය නිළියකි. කත්රිනා උපත ලබා ඇත්තේ හොංකොං හිය. ඇය ලන්ඩන් නුවර පදිංචියට ගොස් ඇත්තේ ඉන්පසුවය. 2003 දී රංගනයට පිවිසීමට පෙර කත්රිනා නිරූපිකාවක ලෙස කටයුතු කළාය. ඇය රංගනයට පිවිසියේ ‘බූම්‘ චිත්‍රපටයෙනි.
රංගනයට පිවිස කෙටි කාලයකින් ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු බවට පත් වුණු විකී කෞෂාල් උපත ලැබුවේ 1988 මැයි 16 වැනිදාය. විකී කෞෂාල්ගේ පළමු සිනමා නිර්මාණය ‘ගැන්ග්ස් ඔෆ් වාසේපූර්‘ ය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්