කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.
මොහු ඉන්දීය ජාතික නාවිකයෙකි.
මොහු ඇතුළු 69 දෙනෙකු පසුගිය 17 වැනි දින සවස 5.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණා.
එම ගුවන් මගීන් අතරින් 54 දෙනෙකු , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය සදහා යොමු කළ අතර ඉතිරි 15 දෙනා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබුණා.
එසේ පිටත්ව ගිය 15 දෙනා අතර මෙම ගුවන් මගියා ද සිට ඇති අතර ඔහුට දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා තිබුණා.
ඒ අනුව මෙම ගුවන් මගියා අද (19) දින අලුයම 1.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුව මෙවැනි ප්‍රශ්නගත ගුවන් මගීන් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත හරවා යැවීම සිදු කෙරෙනවා.
එහෙත් ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති නිසා මෙම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත විශේෂ ගිලන් රථයක් මගින් යොමු කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති