චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට (03) දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසා ඇත.
ඒ අනුව Enoxaparin Sodium Injection නැමති ඖෂධයේ සිලින්ජර 256320ක් ගෙන ඒමට නියමිතය.
මෙම සම්පුර්ණ සිලින්ජර සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවය මාස 6කට සම්පූර්ණ කිරීමට සමත්වෙන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාගැනිම වෙනුවෙන් බීජින් හා කොළඹ අතර අඛණ්ඩව සම්බන්ධතාව ගොඩනගන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා ඇති බවට වාර්තා වී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති