සංචාරක ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා තරග තීරකවරුන් ලෙස ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල මහතා සහ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත් පත්කර තිබෙනවා.
ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස ජවගල් ශ්‍රීනාත් කටයුතු කරනු ඇති.
20 යි 20 හා එක්දින තරගාවලිය වෙනුවෙන් විනිසුරුවන් 5 දෙනෙකු නම් කර තිබෙනවා.
විදෙස් විනිසුරුවන් දෙදෙනෙකු ද සමඟින් විනිසුරුවන් 5 දෙනෙකු ටෙස්ට් තරගාවලිය සදහා යොදා ගැනීමට නියමිතයි.
ඉන්දියාවේ නිතින් මෙනෝන් හා එංගලන්තයේ මයිකල් ගොෆ් ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ විදෙස් විනිසුරුවන් වනවා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට