ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසනවා.
මෙම වෙනස්කම් මගින් එක්සත්කමේ හැඟීමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
බ්‍රිතාන්‍ය විසින් ඕස්ට්‍රේලියාව යටත් කර ගැනීමට පෙර ස්වදේශීක ජනතාව බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ බවත් රටේ දිගුකාලීන දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමේ උත්සාහයක් ලෙස මෙම වෙනස සිදුකරන බවත් රජය පවසනවා.
මේ අනුව එරට ජාතික ගීයේ “ “For we are young and free” කොටස, “For we are one and free” ලෙස වෙනස් කර තිබෙනවා.
“එය ජාතියක් ලෙස අප ගමන් කර ඇති දුර පිළිබිඹු කරයි. අප ජාතියේ කථාව භාෂා කණ්ඩායම් 300කට වැඩි ගණනකින් උපුටා ගත් බවත් එය පෘථිවියේ වඩාත්ම සාර්ථක හා බහු සංස්කෘතික ජාතිය බවත් ජාතික ගීය මගින් පිළිබිඹු විය යුතුය.” යනුවෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
මෑත වසර වලදී ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික හා දේශපාලන උත්සව වලදී දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමට වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.
දෙසැම්බර් මාසයේදී ප්‍රථම වතාවට, ජාතික කණ්ඩායමේ රග්බි ක්‍රීඩකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කිරීමට පෙර, ස්වදේශීය භාෂාවක් වන ඊරා ජාතියේ භාෂාවෙන් ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කළා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ