ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා.
බටහිර සිඩ්නි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී දින කිහිපයකට පසුවයි ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ.
රෝගී තත්තවය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බව සඳහන්.
එම පුද්ගලයා කොරෝනා මර්ධන පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙක් බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ