ඔස්ට්‍රේලියාවේ, තස්මේනියානු දුපත ආශ්රිත බටහිර වෙරළට ඔබ්බෙන් වැලි ප්‍රදේශයක සිරවීමෙන් තල්මසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.
තල්මසුන් 270 දෙනෙක් පමණ ඊයේ සිරවූ අතර, ඔවුන් මුදා ගැනීමට මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. ඔස්ට්‍රේලියාවේ සමුද්‍ර ජීව විද්‍යා ආයතනය එම සතුන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සහ දරමින් සිටියි.
පයිලට් වේල්ස් නමින් හැඳින්වෙන මෙම තල්මසුන් විශේෂය මුදා ගැනීම සඳහා දින ගණනාවක් ගත වනු ඇතැයි, විද්‍යාඥයින් පවසයි. ඊයේ සවස් වන විට මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බොහෝ දෙනා පැමිණ සිටි අතර, එම මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.
ඔවුන් වෙරළ තීරයේ ප්‍රදේශ තුනක සිර වී සිටියි. 2018 වසරේ සිදුවූ මෙවැනිම සිදුවීමකින් තල්මසුන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්