කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.
”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි.
‘කොවිඩ් 19’ සඳහා ‘ඇස්ටාසෙනකා’ සමාගම නිපදවූ ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ටාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත, ලොව වැඩි දෙනකුට ලැබුණු එන්නතකි. රුධිර කැටි ඇතිවීමේ අවධානමක් පෙන්නුම් කර ඇත්තේ ද මෙම එන්නතය.
මහා බ්‍රිතාන්‍යයේ වැඩි පිරිසකට ලබා දී ඇත්තේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නතය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත, ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවන්නේ ‘කොවිෂීල්ඩ්’ යන වෙළෙඳ නාමය යටතේය.
”ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කරගෙනයි අප අලුත් එන්නතක් නිපදවීම ආරම්භ කළේ. කෙසේ නමුත් මෙම අලුත් එන්නත ඔමික්‍රෝන්වලට පමණක් සීමා කරන්න අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරියේ දී බිහිවන සියලු කොවිඩ් 19 විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටයි අප මෙය නිපදවන්නේ” යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සැන්ඩි ඩග්ලස් පැහැදිලි කර තිබේ.
More Stories
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 10වැනි පාලක මණ්ඩලයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන අගමැති එක්වෙයි
අසත්‍ය තොරතුරු බෙදා හරිමින් නේටෝවට ලෝවැසියන් රැවටිය නොහැකිය — චීනය
චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතී– චීන අගමැති