ඔමික්‍රොන් ප්‍රභේදය ලොව පුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වුවද ඩෙල්ටා ප්‍රභේදය මෙන් අසාධ්‍ය තත්ත්වයක් ඇති නොකරන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරනවා.
බහරේන් සයිප්‍රස් හා මලාවි යන රටවලින්ද ඊයේ දිනයේ දී පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වුණා. මේ වනවිට ලොව පුරා රටවල් රැසකින් නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයෙන් ඊයේ දිනයේ දී පමණක් හමුව ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 633ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ සමඟම එරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 1898 දක්වා ඉහළ ගියා. මෙතරම් ශීඝ්‍රයෙන් බ්‍රිතාන්‍ය තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් මෙම මාසය තුළදී එරට රෝහල් ධාරිතාවය ඉක්මවා යනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.
More Stories
ත්‍රෛපාර්ශ්වික සමුළු සහයෝගිතා යාන්ත්‍රණය කලාපීය ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන නවෝත්පාදනයක් වන්නේ කෙසේ ද?
චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වන රැස්වීම ෂියාමෙන් නගරයේ දී
පොදු ඉරණමක් සහිත චීන-පැසිෆික් ප්‍රජාවක් වෙනුවෙන් චීනයේ කැපවීම යළි අවධාරණය කෙරේ