හෙට (08) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.
මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.
ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති