දකුණු පළාතෙන් ඉකුත් පැය 24ක කාලය තුළදී නව කොවිඩ් ආසාදිත රෝගින් 1352 දෙනෙකු වාර්තා වී ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. ප්‍රජාව අතුරින් නව කොවිඩි ආසාදිත රෝගින් 1288 දෙනෙකු වාර්තා වි ඇති අතර, රෝහල්වලින් රෝගින් 64 දෙනෙකු වාර්තා වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 594 දෙනෙකු හා මාතර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 317 දෙනෙකු වාර්තා වි ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 377කි. මේ වනවිට දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 45133 දෙනෙකු වාර්තා වී ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. දකුණු පළාතේ පිහිටි කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 26ක ආසාදිතයෝ 2242ක් ප්‍රතිකාර ලබති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති