මාධ්‍ය වාර්තාවකට අනුව, චීනයේ මහ ගොඩබිම , චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය හා චීන මැකෞ විශේෂ පරිපාලනය යන ස්ථාන තුනේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වන සංචාරකයන්ට පනවා ඇති සංචාරයට පෙර Covid-19 පරීක්ෂණ පිළිබඳ නියෝගය එළඹෙන11 වැනිදා සිට අහෝසි කරන බවට එරට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(9) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. ඒ ඒ රටවල් වසංගත වැළැක්වීම හා පාලනය කිරීම සඳහා විද්‍යාත්මක මෙන්ම සුදුසු පියවර යොදා ගත යුතු ස්ථාවරයේ චීනය සෑම විටම එල්බ සිටී. එමෙන්ම ඒ ඒ රටවල් සමඟ එක්ව දෙස් විදෙස් පුද්ගලයන්ට සංචාරක පහසුකම් ලබා දීමට චීනය අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
ඒ ඒ රටවල් සමඟ එක්ව දෙස් විදෙස් ගමනාගමන පහසුකම් සැපයීමට චීනය අපේක්ෂා කරයි

More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්