එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එරාවුර් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුයට ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරු එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබිය දීත් එම සංවිධානය අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරාවුර් පොලිස් වසමේ චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි නවනීදන් පිල්ලේ මෝහන් හෙවත් තියටර් මෝහන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබු දුරකථනයක් සහ “ඇපල් අයි පෑඩ්” එකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුට එරෙහිව විවිධ පොලිස් ස්ථානවල නඩු 14ක් පමණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව සැකකරු රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති