‘කොවිඩ් 19’ වයිරසය අවසන් කිරීමට හැකිවන්නේ, ලොව සෑම කෙනකුටම සමානව පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීමෙන් පමණක් බවත්, බූස්ටර් එන්නත් ලබා දීමට පෙර, නියමිත වයස් කාණ්ඩවල සියලු දෙනාට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් යළි යළිත් අවධාරණය කරයි.
‘ඔමික්‍රෝන්’ විකෘතිය කරළියට පැමිණීමත් සමඟ අද රටවල් බොහොමයක් තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නතක් ලබා දීම සිදු කරයි. එසේ වුවත්, තවමත් එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිසක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙයි.
දිළිඳු රටවල (විශේෂයෙන් අප්‍රිකාවේ) මෙම වැසියන්ට කඩිනමින් එන්නත් ලබා දීම කළ යුතු බවත්, ධනවත් රටවල අවධානය ඊට යොමු විය යුතු බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත. එසේ නොවුණහොත් ඉදිරියට තව තවත් ‘ඔමික්‍රෝන්’ වැනි ‘කොවිඩ් 19’ විකෘති නිර්මාණය වීමට ඉඩ ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවීමක් කර තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්