කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන, රැකියාවට වාර්තා කළ සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට ඇමෙරිකාවේ සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව, එන්නත් ලබා ගන්නා ලෙස පාලන අධිකාරිය සියලු සේවකයන්ට අනිවාර්ය කර තිබියදී එන්නත් ලබා නොගත්තැයි සේවකයන් සේවයෙන් පහ කළ පළමු එක්සත් ජනපද සමාගම ලෙස සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම සැලකෙයි.
සේවයෙන් නෙරපන ලද සේවකයන් ගැන හෝ ඔවුන් පදිංචි ස්ථානය ගැන සී.එන්.එන්. කිසිදු විස්තරයක් ඉදිරිපත් නොකිරීමට සී.එන්.එන් සමාගම කටයුතු කිරීම විශේෂත්වයකි.
මෙම සේවකයින් තිදෙනා සේවයෙන් පහ කිරීම පිළිබද සී.එන්.එන්. සභාපති ජෙෆ් සකර්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දන්වා ඇති අතර තම සේවකයින් වෙනත් ආයතනයන්හි සේවකයින් සමඟ සබඳතා ඇත් නම් කාර්යාලයට හෝ ක්ෂේත්‍ර වාර්තා කළහොත් කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීම අනිවාර්ය බවය.
ලොව රටවල් රැසක මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මෑතකදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වාර්තා විණි.
තවද ඉකුත් මැයි මාසයේදී එක්සත් ජනපද රජය විසින් කාර්යාල ස්ථානයේ සේවකයින්ට එන්නත් ලබා දීම අනිවාර්ය කෙරිණි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්