රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
එම වැඩපිළිවෙල අගෝස්තු මස 01 වෙනිදා පළමු සංචාරක කණ්ඩායම මෙරටට බවද උදයංග වීරතුංග සඳහන් කළා. කෙසේ නමුත් මේ වන විටත් සමස්ත රුසියාවෙන් වැක්සීනය ලබාගෙන ඇත්තේ 20% ක තරම් අඩු ප්‍රතිශතයක් බවත් එරට ජනතාව වැක්සීනය ලබාගැනීමට අකමැත්ත පලකරන බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව සියයට සියයක් එන්නත්කරණය සිදු කරන ලද සංචාරකයින් ගෙන ඒම අපහසු කටයුත්තක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්