හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
80 සහ 90 දශකයේ මෙරට දේශපාලනයේ පෙරළිකාර ප්‍රබල චරිතයක් වූ සිරිසේන කුරේ මිය යන විට අනූ හැවිරිදි වියේ පසුවිය
ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.
අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.
එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති