එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලබන 2021 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විට, පුරප්පාඩුව පවතින එජාප නියෝජ්‍ය නායක ධූරය, ඉක්මනින්ම පිරවීමට පක්ෂය අපේක්ෂා කරන බවද ඔහු පවසයි.
එසේ නියෝජ්‍ය නායකත්වයට පත්වන පුද්ගලයා, 2021 ජනවාරි මාසයේ පළමු වැනි දා සිට නායකත්වයට පත් වන බව ඔහු පවසයි.
ලබන සඳුදා රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති